මුල් පිටුව
අප පිළිබඳව
චාරිකාවේ පෙළගැස්ම
අත්‍යවශ්‍ය තොරතුරු
චාරිකාව සැකෙවින්
චාරිකාවේ විස්තර දිගහැරුම
කොන්දේසි සහ නියමයන්
විමසීම් සඳහා...
Change to English version of this website

අප පිළිබඳව....

මෙරීඩියන් හොලිඩේස් දඹදිව සුඛෝපභෝගි සංචාර - කුඩා කණ්ඩායම්

බෞද්ධ පූජනීය සිද්ධස්ථාන වන්දනාවක් සහ ජාත්‍යන්තර මට්ටමේ සංචාරක සේවාවක්!
දස වසරකට අධික කාලයක් දඹදිව වන්දනා චාරිකා සංවිධානය කිරීමේ විශිෂ්ටත්වය සමගින්, මෙරිඩියන් හොලිඩේස් කතරගම (ප්‍රයිවට්) ලිමිටඩ් (Meridian Holidays Katharagama (Pvt) Ltd) ආයතනය, ඉන්දියාවේ සහ නේපාලයේ පිහිටි පූජනීය බෞද්ධ සිද්ධස්ථාන වෙත සුඛෝපභෝගී වන්දනා චාරිකා සපයන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක සේවා ආයතන අතර විශ්වාසනීය කීර්තියක් දිනා ඇත. ශ්‍රී ලංකාවේ නේවාසිකව වෙසෙන සංචාරකයින්ට සහ ශ්‍රී ලංකාවෙන් පිටත අනේවාසිකව වෙසෙන සංචාරකයින්ටද අධි සුඛෝපභෝගී චාරිකා පිරිනැමීම පිළිබඳව වඩාත්ම පලපුරුද්ද ඇති ආයතනය බවද අප හෙළිදරව් කරන්නෙමු. මුලින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන විදේශගත ප්‍රජාව වෙනුවෙන් ඉන්දියාවේ සහ නේපාලයේ පිහිටි පූජනීය බෞද්ධ සිද්ධස්ථාන වෙත පෞද්ගලික සුඛෝපභෝගී චාරිකා සේවා සැපයූ අප ආයතනය, දැන් ශ්‍රී ලංකාවේ නේවාසිකව වෙසෙන සංචාරකයින්ටද දඹදිව චාරිකා සඳහා සේවාවන් පුළුල් කර ඇත.
දඹදිව චාරිකා සඳහා ඔබගේ කැමැත්ත පරිදි ශ්‍රී ලංකාවේ සිට හෝ ඉන්දියාවෙන් සෘජුවම අපගේ චාරිකාවට සම්බන්ධ වීම තෝරාගත හැකිය. අපගේ සියලුම සංචාර සැලසුම් කර ඇත්තේ සම්පූර්ණ සැලකිල්ල, සුවපහසුව සහ ගැඹුරු සංස්කෘතික අත්දැකීම් සහිතවය. එමගින්, අර්ථවත් මෙන්ම බාධාවකින් තොර චාරිකාවක් ඔබට නිතතින්ම සහතික කෙරේ.
ජාත්‍යන්තර සංචාර ක්ෂේත්‍රවල විශේෂඥතාව සහ වසර ගණනාවක විශ්වාසදායක පළපුරුද්ද
ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයේ දශක දෙකකට අධික අත්දැකීම් සමගින්, ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ අප ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර , සංස්කෘතික පොහොසත්කම සහ පුද්ගලාරෝපිත සේවාවන් (Personalised services) පදනම් කරගත් සුවිශේෂී සහ කුඩා කණ්ඩායම් සඳහා සංචාරක (small group tours) අත්දැකීම් ලබා දෙන ආයතනයක් බැවින්ය. ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයේ මධ්‍යම ඕස්ට්‍රේලියාවේ අපගේ නිපුණත්වය මධ්‍යම ඕස්ට්‍රේලියානු සංචාර මෙහෙයවනු ලබන්නේ, අපගේ සහෝදර සමාගමක් වන ඇලිස් හොලිඩේ ටුවර්ස් (Alice Holiday Tours) සමාගම විසිනි. ඇලිස් ස්ප්‍රින්ග්ස්, උලූරු සහ මනස්කාන්ත මැක්ඩොනල් කඳුවැටිය හරහා කුඩා කණ්ඩායම් සඳහා විනෝදජනක චාරිකා සංවිධානය කිරීම අපගේ විශේෂත්වයයි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.aliceholidaytours.com.au ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව තුළ අපගේ මෙහෙවර ශ්‍රී ලංකාවේ මෙරිඩියන් හොලිඩේස් කතරගම (පුද්.) සමාගම, ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා, ශ්‍රී ලංකාවේ උරුමයන්, අලංකාර වෙරළ තීරයන්, සංස්කෘතිකමය නිපුණත්වයන් ගැන අමතක නොවන අත්දැකීම් ලබාදීමට ඇප කැපවී සිටිමු. ඔබටද වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.srilankantours.com.au අපගේ සියලුම සංචාරවලදී, අප නිරන්තරයෙන්ම විශ්වාසවන්තව සපයන ප්‍රතිඥාවක් ඇත. “සෑම සංචාරකයෙකුටම අර්ථවත්, සුඛෝපභෝගී සහ සංස්කෘතික අවබෝධයක් සහිත සංචාර අත්දැකීමක් ලබා දීමට උත්සුක වෙමු."
දඹදිව සංචාරසඳහා අපගේ දැනුමෙන් සපිරි, ඔබ වෙනුවෙන්ම කැපවුණු කණ්ඩායම.
අපගේ සාර්ථකත්වය පවතින්නේ ථේරවාද ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් සහ ඉන්දියාවේ බෞද්ධ දර්ශනය සතු ඓතිහාසික උරුමයන් පිළිබඳ විශේෂ දැනුමකින් සමන්විත, උද්‍යෝගිමත් හා පළපුරුද්දෙන් යුතු සංචාර මාර්ගෝපදේශක කණ්ඩායමක් විසින් මෙම සංචාර මෙහෙයවනු ලැබීමයි. ඔවුන් සාමාන්‍ය මාර්ගෝපදේශකයින් මෙන් නොව, සංස්කෘතික වැදගත්කම, බෞද්ධ දර්ශනයේ සැබෑ ඉතිහාසය, පුරාණ සම්ප්‍රදායන්, සහ බුද්ධධර්මය පිළිබඳ ගැඹුරු විවරණ මඟින් ඔවුන් එක් එක් පූජනීය ස්ථාන පිළිබඳ මනා දැනුමක් ඔබට ලබා දෙයි. එය ඔබට සාමාන්‍ය මාර්ගෝපදේශන පොත් වලින් ලැබෙන දැනුම් සමූදායකට වඩා වැඩි ඉතා හරවත් හා ප්‍රායෝගික දැනුම් ගබඩාවක් වන බවට නිසැකයි. අනෙකුත් සංචාරක මාර්ගෝපදේශකයන්ගේ දැනුම සීමා වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ බෞද්ධ ආගමික පොත්පත් තුළින් පමණය. නමුත්, අපගේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ බෞද්ධ ආගමික පොත්පත් වලට අමතරව උතුරු ඉන්දියාවේ සහ නවදිල්ලියේ පුස්තකාල, පොත්පත් සහ ඉන්දියානු ප්‍රකාශන ආයතන සමඟ නිරන්තරයෙන් දැනුම හුවමාරු, සම්මන්ත්‍රණ, සාකච්ඡා සහ අධ්‍යාපන වැඩසටහන් වලට සහභාගී වීමෙන්, විශේෂිත වූ දැනුමක් ඔවුන් සතුව ඇත. මෙය, ශ්‍රී ලංකාවේ සිටින අනෙක් මාර්ගෝපදේශකයන්ට නොලැබුණු නුහුරු නුපුරුදු අත්දැකීමකි. තවත් තොරතුරු අතර, ඔබට සාඩම්බරයෙන් දැනුම් දෙන්නේ නේපාලයේ ලුම්බිණි සහ අනෙකුත් වැදගත් බෞද්ධ ආගමික ස්ථානයන් මෙම සංචාරයට අප ඇතුලත් කර තිබීමයි. ඒ අතර සුද්ධෝදන රජතුමාගේ මන්දිරය තිබූ පරිශ්‍රයත් නේපාලයේ ඇති නිග්‍රෝධාර ස්ථූපයත් කෝලිය ස්ථූපයත් ඇතුළත් වීම විශේෂත්වයෙන් යුතුව ඔබට දැනුම් දෙමු. මෙවැනි ස්ථාන සඳහා ශ්‍රී ලංකාවෙන් ඔබ කැටුව යන පලවන සංචාරක ව්‍යාපාරය බව තවදුරටත් සහතික කරමු. නව දිල්ලිය සහ වේශාලි යන ප්‍රදේශයන් දෙකෙහිම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා නැරඹීම සංවිධානය කරන එකම ශ්‍රී ලාංකික සංචාරක ව්‍යාපාරය අප බවද තහවුරු කරමු. උතුරු ඉන්දියාවේ ප්‍රධාන නගරයක් වූ ලක්නව් නගරයේ විශේෂිත සංචාරක ගමනාන්ත ඇතුළත් වූ එකම ශ්‍රී ලාංකේය සුඛෝපභෝගී සංචාරය අප බව ඉතාමත් සතුටින් ප්‍රකාශ කරමු. ලක්නව් නගරයේ සුවිශේෂ සාප්පු සවාරි shopping malls සහ ඔබ මවිතයට පත්වන අම්බෙක්කාර් elephant park ඔබගේ ගමනාන්ත අතර ඇතුළත් කර ඇත. අප කිසිවිටෙකත් ප්‍රකාශිත අවම මිලකට දඹදිව සංචාරක නඩ එකතු කරගෙන බෞද්ධ ගාථා පමණක් කියවමින් දඹදිව සංචාර සංවිධානය කරන්නන් නොවෙයි. අපගේ අරමුණ වන්නේ, ඔබට දැනුමෙන් සපිරි අධ්‍යාත්මික අවබෝධයක් ලබාදෙමින්, යහපත්, අමතක නොවන, ජීවිතයේ එක් වතාවක් පමණක් ලැබෙන, අරුත්බර අත්දැකීමක් ලබාදීමයි.

Video can’t be displayed

බුදුරජාණන් වහන්සේගේ පියසටහන් අනුගමනය කරමින්, යහපත් සහ අත්දැකීමෙන් සපිරි කණ්ඩායමක් සමඟ, ඔබගේ සංචාරය සුඛෝපභෝගීව විඳින්න.
Mahesh Mahendra (FCA- SL, CPA -USA, CA AUS)Managing Director,Meridian Holidays Katharagama (Pvt) LtdInternational Travel hub46, Lovegrove Drive, Araluen, 0870 NT, AUSTRALIA
Tharanga Lakmal (BSc Special Hons.)Director- SL Travel OperationsMeridian Holidays Katharagama (Pvt) LtdSri Lanka Travel hub467/B, Siyambalape North, Siyambalape, Makola, SRI LANKA
සියලුම හිමිකම් ඇවිරිණි © 2025

මෙරීඩියන් හොලිඩේස් දඹදිව සංචාර

“කුඩා කණ්ඩායමක් සමග අධි සුඛෝපභෝගි සංචාරයක ආධ්‍යාත්මික ගවේෂණය”
විමසීම්
ලිපිනයන්
විද්‍යුත් තැපෑල
admin@dambadivatours.com
ශ්‍රී ලංකා කාර්යාලය
චන්ද්‍රිකා 071 095 3059කලණි 076 793 5938 මහේෂ් 077 528 3046මාලිංග 077 166 2542
අන්තර්ජාතික සම්බන්ධීකරණ කාර්යාලය
මහේෂ් (+61) 043 280 1342කාර්යාලය (+61) 08 8952 7272
ශ්‍රී ලංකා කාර්යාලය
467/B, සියඹලාපේ උතුර, සියඹලාපේ , මාකොල, ශ්‍රී ලංකාව.
අන්තර්ජාතික සම්බන්ධීකරණ කාර්යාලය
46, Lovegrove Drive, Araluen, 0870 NT, AUSTRALIA.

We use cookies to enable essential functionality on our website, and analyze website traffic. By clicking Accept you consent to our use of cookies. Read about how we use cookies.

Your Cookie Settings

We use cookies to enable essential functionality on our website, and analyze website traffic. Read about how we use cookies.

Cookie Categories
Essential

These cookies are strictly necessary to provide you with services available through our websites. You cannot refuse these cookies without impacting how our websites function. You can block or delete them by changing your browser settings, as described under the heading "Managing cookies" in the Privacy and Cookies Policy.

Analytics

These cookies collect information that is used in aggregate form to help us understand how our websites are being used or how effective our marketing campaigns are.